Posted on Leave a comment

උසස් පෙළ ගණිතය සිසුන් මේ ගැනත් සිතන්න

Dr. Gaya Jayakody

උසස් පෙළ ගණිතය සිසුන් ට ආචාර්ය ගයා ජයකොඩිගෙන් පුංචි උපදෙසක්!

සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ සඳහා ගණිත විෂයය තෝරාගෙන ඇති ඔබට ඒ සඳහා හොඳ ප්‍රවේශයක් ලබා ගැනීමටත්, නැතහොත් දැනටමත් උසස් පෙළ සඳහා ගණිතය හදාරන ඔබට අවුරුදු දෙකක් තිස්සේ උසස් පෙළ ගණිතය හැදෑරීමේ අභියෝගයට හොඳින් මුහුන දීම සඳහා ත්, මෙය අත්වැලක් වේවි.

Best hints for A/L maths

උසස් පෙළ ගණිතය තෝරා ගත්තේ ඇයි?

විවිධ හේතු නිසා ඔබ ගණිතය විෂයය තෝරාගත්තා විය හැකියි. මෙතෙක් කල් ගණිතයට හොඳින් ලකුණු ලබාගෙන ඇති නිසා හෝ ඔබ ඊට දක්ෂ නිසා එය තෝරාගත්තා විය හැකි ය. එමෙන් ම, එතරම් හොඳින් ගණිතයට ලකුණු ලබාගෙන නැති වුවත් ඒ විෂයයට ඇති ඇල්ම නිසා එය තෝරා ගත්තා විය හැකියි. ඇතැම් විට තවත් හේතු තිබිය හැකියි. පාඩම් කිරීමට ඇති අකමැත්ත නිසා අඩුවෙන් පාඩම් කිරීමට, අඩුවෙන් මතක තබා ගැනීමට බලාපොරොත්තුවෙන් ඔබ ගණිතය හැදෑරීමට තෝරා ගත්තා විය හැකියි.

මේ කුමන හේතුව මත ඔබ ගණිතය තෝරා ගත්ත ද, මෙහි දක්වන ඉඟි අනුගමනය කළ හොත් ඔබ ගණිතයට ඇලුම් කරන්නට පෙළඹ වේවි.

වචනවලට බය වෙන්න එපා!

a/l mathematic students
වචනවලට බිය නො වන්න!

ගණිතය හැදෑරීමට ඔබ පොතපත, අන්තර්ජාලය හෝ ගුරුවරු වැනි විවිධ සම්පත් උපයෝගී කර ගනී. මේ කුමනාකාරයෙන් ඉගෙන ගත්තත්, වෙසෙසින් ම සිංහල භාෂාවෙන් ඉගෙන ගනිත් දී, ගණිතයේ එන වචනවලට බිය විය යුතු නො වේ.

ගණිතය උගැනීමේ දී ඔබට දැනෙන අමාරුකම, නිරස බව ගණිතයේ ලක්ෂණයක් නො වේ. එය විෂයය පැහැදිලි කිරීමට යොදා ගන්නා භාෂාවෙන් මතු වන ගැටලුවක් විය හැකි ය. එනිසා කිසි විටෙකත් ගණිත පොත්පත්වල ඇති අමුතු නිරස වදන්වලට බිය නො වී සෑම විට ම ගණිත සංකල්ප තේරුම් ගැනීමට උත්සහ කරන්න.

ඉංග්‍රීසියෙන් ලේසියි

එමෙන් ම, ඔබ සිංහලෙන් හදාරන්නේ නම්, එම සිංහල වදන් සඳහා ඇති ඉංගිරිසි වදන් මොනවා දැයි දැන ගැනීමත්, ඒවාට හුරු වීමත් බෙහෙවින් ම වැදගත් වේ. ඔබ විශ්වවිද්‍යාලයයට ඇතුළත් වී උසස් ගණිත පාඨමාලාවක් හැදෑරීමේ දී, එය මහත් සෙයින් ප්‍රයෝජනවත් වනු ඇත. ඇතැම් විට ගණිතයේ දී සිංහලෙන් භාවිත කරන වචනවලට වඩා පහසු බවක් ඉංග්‍රීසි වචනවල දැකිය හැකි වනු ඇත.

ඉහත කරුණු ගැන අවධානය යොමු කිරීමෙන් උසස් පෙළ ගණිතය සිසුන් ලෙස ප්‍රගතියක් අත් කර ගත හැකි වනු ඇත.