Description
ඉතා සරල බසින් පැහැදිලිව ලියා ඇති මෙම ග්‍රන්ථයෙන් පරමාණුවේ ස්වභාවය, ව්‍යුහය, එහි විවිධ කොටස්වල හැසිරීම සහ එය අධ්‍යනය කිරීමට මිනිසා යොදා ගත් උපක්‍රම පිළිබඳව කියැ වේ.
පරමාණුවේ මූලික සාධක, න්‍යෂ්ටිය විදාරණය, විඛණ්ඩනය, විලයනය පිළිබඳවත් පර්යේෂණ කටයුතුවලට, වෛද්‍ය විද්‍යාවට, කර්මාන්ත සහ කෘෂිකර්මයට විකිරණශීලී සමස්ථානික යොදා ගැනීම පිළිබඳවත් මෙහි අනුපිළිවෙලින් විස්තර කර ඇත.
ඉලෙක්ට්‍රෝන ධාරා නිපදවීම සහ පාලනය, විදිලිකෝෂවලින් ක්‍රියාකරන ගයිගර් ඝනකයක් සාදා ගැනීම, අන්තරීක්ෂ අංශු මගින් න්‍යෂ්ටියක් පෘථඃකරණය වීම ඡායාරූපයට නැගීම සහ විසරණ වලා කුටීරයක් ඉදිකර භාවිත කිරීම ආදී නිවසේ දී කළ හැකි පරීක්ෂණ රාශියක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කොට ඇත.