Description
අප නිරතුරුව ම ‘සිතීම’ සිදු කරන්නේ උඩු සිතේ ආධාරයෙනි. යටි සිත ඇති බවක් අපට එක් වරම හැඟී යන්නේ නැත. එහෙත් එය නිදා සිටින යෝධයෙකු මෙන් නිහඬ ය. ඔහු අවදි කර ගත හොත් ඔබට මෙලොව කළ නො හැකි දෙයක් නැත. ඔබ සිතහි සැඟව ගත් එම අපූර්ව සුවිශේෂිතයා අවදි කරවමින් යටි සිතේ වූ අසීමිත බලය ප්‍රයෝජනයට ගෙන ඉගෙනීම හා මතකය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය කර ගැනීමට අවශ්‍ය ධනාත්මක චින්තනය අස්වැද්දීම මෙම කෘතියේ මූලික අරමුණයි. ඒ සඳහා අවශ්‍ය අතිශයින්ම වැදගත් මනෝවිද්‍යා මූලධර්ම රැසක් මෙහි අන්තර්ගත ය.
පොත සමග සංයුක්ත තැටියක් ද අන්තර්ගත ය.