Description
මිනිස් වර්ගයා ගැන කිසිම තැකීමක් නො කළ පළමුවැනි රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටවී යෑමෙන් අවුරුදු හැත්තෑවකට පසුව දෙවැනි රාමා යානයක් පෘථිවිය දෙසට එන බව සොයා ගැනේ.
මිනිසාට වඩා බුද්ධිමත් ජීවීන් විශ්වයේ සිටින බව පැහැදිලිව පෙන්වා දෙන දෙවැනි රාමා යානය ගැන පෘථිවියේ විද්‍යාඥයන් සහ දාර්ශනිකයන් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරත් දී, රාමා-2 යානය තුළට යන අභ්‍යවකාශගාමීන්ට හමුවන්නේ ඔවුන් කිසි දා අපේක්ෂා නො කළ තාක්ෂණයකි.
අභ්‍යවකාශගාමීන් ගණනාවක් අභිරහස් ලෙස මිය යද්දී, කණ්ඩායමේ තිදෙනෙක් නියත මරණය හමුවේ රාමා-2 රැක ගැනීමේ මෙහෙයුමක යෙදේ.
එහෙත් පෘථිවිය වෙත එන අමුත්තා විනාශ කර දැමීමට තීරණය කිරීමෙන් මිනිස් වර්ගයා තම නො දියුණු ලාමක ස්වභාවය විශ්වයට ම ප්‍රදර්ශනය කරයි.
මෙය තාක්ෂණය, ආදරය, බුද්ධිය සහ මරණය වැනි සංසිද්ධි ගැන වෙනස් කෝණයකින් බැලීමට අප යොමු කරන විද්‍යා ප්‍රබන්ධයකි.
Reviews
There are no reviews yet.