Description
මිහිමත සිටින සිවුපාවුන්, පක්ෂීන්, මත්ස්‍යයින් ආදී සියලු කාණ්ඩවල විශාල විවිධත්වයක් ඇත. එහෙත් මෙලොවෙහි ඇත්තේ එක් මානව විශේෂයක් පමණකි. ඒ ඇයි? මේ විද්‍යා ප්‍රබන්ධයේ එන ‘මුල් මනුලොව’ සහ ‘කෘතිම මනුෂ්‍ය වගාව’ යන කතා ද්විත්වයෙන් ඊට පිළිතුරු ලැබේ.
‘ Z පරිණාමය’ ගෙන හැර දක්වන්නේ, මානව පරිණාමය උඩුයටිකුරු වුවහොත් ඇති විය හැකි තත්වය පිළිබඳව ය.
සර්ව සම නිවුන්නු දෙදෙනෙකු එකිනෙකට වෙනස් දෙතැනක හැදී වැඩුණ හොත් ඇතිවිය හැකි තත්වය කිම? ‘අභිරහස් පරිත්‍යාගය’ කතාවෙන් එය විග්රහ වේ.
‘අද්භූත බංගලාවේ හිපපොටේමස්’ කියන්නේ තම වාසිය තකා ජාන විකෘති කළ ද, ඉන් ස්වභාවික ධර්මතාවන් අභීබවා යා නොහැකි බව ය.
මේ ඇතුළු තවත් කතා මෙහි ඇතුළත් වේ.
Reviews
There are no reviews yet.