Description
මෙය උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සිද්ධාන්ත ඇතුළත් කොට තැනූ මෘදුකාංගයකි.
01. වර්ගඵලය හා පරිමාව.
02. විවිධ මිනුම් සඳහා යෝග්‍ය මිනුම් ඒකක සහ මිනුම් උපකරණ භාවිතය.
03. පයිතගරස් සම්බන්ධතාව භාවිතයෙන් පහසුවෙන් ගැටලු විසඳීම.
04. සෛලීය සංවිධානයක් සහිත ජීවීන් තාක්ෂණය සඳහා උපයෝගී කර ගැනීම.
05. බලය සහ එහි ආචරණ පිළිබඳ දැනුම එදිනෙදා ජීවිත අවශ්‍යතා සඳහා යොදා ගැනීම.
06. කාර්ය ශක්තිය සහ ජවය.
07. එදිනෙදා ජීවිතයේ කාර්ය ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් පහසු කිරීම.
08. භ්‍රමණ චලිතය හා සම්බන්ධ දැනුම ප්‍රායෝගික අවශ්‍යතා සඳහා යොදා ගැනීම.
09. විදුලි උපකරණ නඩත්තු කිරීම සහ පරිපථ සැලසුම් කිරීම.
10. තාපය පිළිබඳ දැනුම එදිනෙදා කටයුතු සහ විද්‍යාත්මක කටයුතු සඳහා යොදා ගැනීම.
11. තාප රසායනය හා සම්බන්ධ මූලික සංකල්ප ගවේෂණය කිරීම.
12. චාලක රසායන විද්‍යාවේ මූලික සංකල්ප භාවිතයෙන් ප්‍රතික්‍රියා සීඝ්‍රතාව පාලනය කිරීම.
13. කාබනික සංයෝග ජෛවාණුවල ව්‍යුහය, වැදගත්කම හා භාවිතය.
14. විවිධ කර්මාන්ත සඳහා භාවිත වන බහු අවයවික පිළිබඳව විමර්ශනය කිරීම.
15. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පිළිබඳ දැනුම.
16.නිශ්චල සහ චලිත වන තරල පිළිබඳ දැනුම.
17. ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත.
18. ස්වභාව නිෂ්පාදන සහ ඒවායේ නිස්සාරණ විධි.
19. කාටීසියානු ඛණ්ඩාංක තලය ඇසුරෙන් ඒකජ ශ්‍රිතය හා වර්ගජ ශ්‍රිතය විමර්ශනය කිරීම.
20. විස්තරාත්මක සංඛ්‍යානයේ අර්ථය විශ්ලේෂණය කිරීම.
21. පරිගණක පද්ධතියක් සහ උපාංග ඵලදායී ලෙස භාවිත කිරීම.
22. පරිගණක මෙහෙයුම් පද්ධතිය සමග ඵලදායී ලෙස කටයුතු කිරීම.
23. එදිනෙදා දිවියේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා යෙදුම් මෘදුකාංග භාවිත කිරීම.
24. තොරතුරු ලබා ගැනීම සහ සන්නිවේදනය සඳහා ඵලදායී ලෙස අන්තර්ජාලය භාවිත කිරීම.
25. පාරිසරික විද්‍යාව.
වින්ඩොස් 7, වින්ඩෝස් 8 හෝ වින්ඩොස් 10 යන මෙහෙයුම් පද්ධතිවල මෙය ක්‍රියා කරවිය හැකි ය.