Description
මෙය උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සිද්ධාන්ත ඇතුළත් කොට තැනූ මෘදුකාංගයකි.
01. ඉංජිනේරු තාක්ෂණවේදයේ සංවර්ධනයෙහි ඵල, දෛනික අවශ්‍යතා සපුරා ගැනීම.
02. ඉංජිනේරුමය නිපැයුම් කටයුතු සඳහා සැලසුම් චිත්‍ර ඇඳීම.
03. ආරක්ෂාව සහ සෞඛ්‍යය තහවුරු වූ වැඩ පරිසරයක් ගොඩ නැගීම.
04. ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවල දී විධිමත් ශාස්ත්‍රීය තොරතුරු අනුගමනය කිරීම.
05. යන්ත්‍රවල ඇතුළත් චලිත ආකාර හැසිරවීමේ ක්‍රමෝපාය විමර්ශනය කිරීම.
06. මෝටර් රථයක ප්‍රධාන අවයව/පද්ධති නඩත්තු කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම.
07. එදිනෙදා කාර්ය සඳහා විදිලි ජවය යොදා ගැනීම.
08. නිෂ්පාදන කටයුතුවල දී තාක්ෂණවේදයට අදාළ වන සේ ද්‍රව්‍ය, ශිල්පීය ක්‍රම තෝරා ගැනීම.
09. තාක්ෂණවේදයේ දී භාවිත වන සම්මත මිනුම් සහ මිනුම් උපකරණ පිළිබඳ විමර්ශනය කිරීම.
10. ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර, තාක්ෂණික පරිසරයක දී භාවිත කිරීම.
11. විදිලි ජවය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ භාවිතය පිළිබඳ විමර්ශනය කිරීම.
12. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය එදිනෙදා භාවිත සඳහා යෙදෙන ආකාරය විමර්ශනය කිරීම.
13. විවිධ කාර්ය සඳහා තරල භාවිත යන්ත්‍ර යොදා ගැනීමේ හැකියාව විමසා බැලීම.
14. බිම් මැනීම සහ මට්ටම් ගැනීම පිළිබඳ මූලධර්ම විමසා බැලීම.
15.ගෘහස්ථ ජල සම්පාදනය හා කසල කළමනාකරණය පිළිබඳව අධ්‍යයනයක යෙදීම.
16. ගොඩනැගිලි සැලසුම් අනුව, සම්මත මිනුම් ක්‍රම භාවිත කරමින් ප්‍රමාණ බිල්පත් සකස් කර පිරිවැය ගණනය කිරීම.
17. නිෂ්පාදන සහ ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය කුසලතා දියුණු කර ගැනීම.
වින්ඩොස් 7, වින්ඩෝස් 8 හෝ වින්ඩොස් 10 යන මෙහෙයුම් පද්ධතිවල මෙය ක්‍රියා කරවිය හැකි ය.