Description
උසස් පෙළ භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්නවලින්, භෞතික විද්‍යා මූලධර්ම හා සංකල්ප පිළිබඳ සිසුනගේ දැනුම මෙන්ම ඒ පිළිබඳ ඔවුන් සතු ප්‍රායෝගික දැනුමත්, ඊට අවැසි කුසලතාත් ඇගයීමට ලක් කැරේ. එබැවින් මෙම ග්‍රන්ථයේ අඩංගු ප්‍රශ්න සකස් කිරීමේ දී මේ සියලු අංශ කෙරේ දැඩි අවධානය යොමු කර තිබේ.
එක් එක් පරිච්ඡේද සඳහා උදාහරණ ඉදිරිපත් කිරීමේ දී ආදර්ශ විසඳුම ගැටලුව හා සමාන්තරව දැක්වීමෙන් සිසුනට දී ඇති අවකාශය තුළ සංවිධානාත්මක සහ සාර්ථක පිළිතුරු ඉදිරිපත් කිරීමට අවබෝධයක් සැපයේ. එක් එක් පරිච්ඡේදයට අදාළ විසඳුම් ඒ ඒ පරිච්ඡේදයේ අවසානයේ දක්වා ඇත. එමෙන්ම මෙහි ප්‍රශ්න විෂය නිර්දේශයට අනුකූලව පෙළ ගස්වා ඇත.