Description
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ යන්ත්‍ර විද්‍යාව සහ පදාර්ථයේ ගුණවලට අදාළ සියලු ම ප්‍රධාන සංකල්ප මෙහි පැහැදිලිව ඉදිරිපත් කර ඇති අතර පරීක්ෂණ සහ අන්වේෂණ, නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් වඩා සාර්ථකව කළ හැකි අයුරු ද විස්තර කර ඇත. තවද, වැදගත්කම හුවා දක්වනු පිණිස මෙන්ම පරිශීලනයේ පහසුව ද තකා මූලධර්ම, නියම හා අර්ථ දැක්වීම් තද කළු අකුරින් මුද්‍රණය කර ඇති අතර වැදගත් භෞතික සමීකරණ මතුකර දක්වා අංකනය කර ඇත.
සංකල්ප භාවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම පහසු කරවනු පිණිස එක් එක් පරිච්ඡේදය තුළ උදාහරණ රාශියක් අඩංගු වේ. විභාගයේ දී මනිනු ලබන දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමට ඉවහල් වන පරිදි විශාල පරාසයක ප්‍රශ්න අභ්‍යාස තුළ අඩංගු කර ඇත.