Description
උසස් පෙළ භෞතික විද්‍යාව හදාරණ සිසුන්ට මෙන්ම, විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසර සිසුන්ට ද අත්‍යාවශ්‍යයෙන් ම වැදගත් වන භෞතික විද්‍යාවේ මූලික කරුණු කිහිපයක් ආවරණය වන සේ සකසන ලද පාඨමාලාවක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ.
විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.
මීට අමතරව මිනුම් යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.