Description
උසස් පෙළ බහුවරණ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුන දීම සඳහා අවශ්‍ය නිපුනත්වය ලබා දෙනු වස්, සම්පූර්ණ විෂය නිර්දේශය ම පියවරෙන් පියවර සරලව පුණරීක්ෂණය කරමින් මෙම පොත සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයේ ඒකක නවය ම සම්පූර්ණයෙන් ආවරණය වන අයුරින් සකස් කර ඇති මෙහි විවිධ මාදිලියේ බහුවරණ ප්‍රශ්න 2502ක් ඇතුළත් වේ.
පොතේ අන්තර්ගතය කොටස් තුනකට වෙන් කළ හැකි ය. විෂය නිර්දේශයට අදාළ සියලු නියම, මූලධර්ම සහ සමීකරණ සරල ලෙස විග්රහ කරමින් සකස් කර ඇති සටහනක් සහ නිර්දේශයේ අඩංගු සියලු සිද්ධාන්ත පුණරීක්ෂණය කැරෙන ආකාරයට සකස් කර ඇති බහුවරණ ප්‍රශ්න මාලාවක් පළමු වැනි කොටසට ඇතුළත් වේ.
එක් එක් ඒකකයේ ඇති අනුමාතෘකා යටතේ වර්ග කළ බහුවරණ ඇතුළත් අභ්‍යාස ගණනාවක් සහ අභියෝගාත්මක ප්‍රශ්න අඩංගු මිශ්‍ර අභ්‍යාස නවයක් දෙවන කොටසෙහි ඉදිරිපත් කර ඇත. එහි සියලු ප්‍රශ්න සවිස්තර ලෙස විවරණය කර ඇති නිසා එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් තමන් පිළිබඳ තක්සේරුවක් කර, තම හැකියාව පිළිබඳ විශ්වාසයක් ගොඩනඟා ගැනීමට සිසුනට අවස්ථාව සැලසේ.
අවසාන කොටසෙහි, උසස් පෙළ භෞතික විද්‍යාව පළමු වැනි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට අනුව සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර හතක් ඇතුළත් කර ඇත. විභාගය ආසන්නයේ දී නියමිත පැය 2ක කාලපරිච්ඡේදය තුළ මෙම ප්‍රශ්න පත්රවලට පිළිතුරු සැපයීමෙන් මනා පෙරහුරුවක් ලබා ගත හැකි වේ. ඒ අනුව, උසස් පෙළ පන්තියට ඇතුළත් වූ දා පටන් විභාගය අවසන් වන තුරු සම්පූර්ණ කාල පරාසයේ දී ම භාවිතයට ගත හැකි පොතකි, මෙය.