Description
භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස A, ව්‍යුහගත රචනා ප්‍රශ්න හතරකින් සමන්විත වේ. ඒ සඳහා ලකුණු 40ක ප්රමාණයකි. මෙකී පශ්න සකසා ඇත්තේ ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරිණි. ඉන්, විද්‍යාගාරය තුළ සිදු කරනු ලබන ප්‍රායෝගික පරීක්ෂණ ලැයිස්තුවේ ප්‍රශ්න දෙකකි. ඒවා විද්‍යාගාරය තුළ සිසුන්ට සිදු කළ හැකි සරල පරීක්ෂණ ය. මේවාට පරීක්ෂණ සිදු කිරීමෙන් ලැබෙන දැනුමෙන් පිළිතුරු සැපයිය හැකි අතර ඒ සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා තිබිය යුතු ය.
මෙම ප්රශ්නවල දී අපේක්ෂා කරනුයේ, ප්‍රායෝගික පරීක්ෂණයක දී සිදුවන දෝෂ අවම කරමින්, නිවැරැදි ආකාරයට ප්‍රායෝගික පරීක්ෂණය සිදු කර අදාළ රාශියට නිවැරැදි අගයයක් ලබා ගන්නා ආකාරය පිළිබඳව ය.
මේ සෑම ප්‍රායෝගික පරීක්ෂණයක් සඳහා ම, ව්‍යුහගත රචනා ප්රශ්නය බැගින් අන්තර්ගත කොට මෙම පොත සම්පාදනය කර ඇත. සෑම ප්‍රශ්නයක ම කොටස් වැඩි ගණනක් යොදා ගනිමින් හොඳ පූර්ණ දැනුමක් ලැබෙන පරිදි ප්‍රශ්න සකස් කර ඇති නිසා මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ව්‍යුගත රචනා ප්‍රශ්න පිළිබඳ ඉහළ දැනුමක් සහ අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.