Description
උසස් අධ්‍යාපනය සඳහා විද්‍යාව හදාරණ සිසු දරුවන්ගේ මූලික අධ්‍යාපනයේ විශේෂයෙන් ම ඇතුළත් විය යුතු විෂයයකි ව්‍යවහාරික ගණිතය. එහෙත් නව සාමාන්‍ය පෙළ ගණිතය විෂය ධාරාවේ දක්නට ලැබෙන්නේ ව්‍යවහාරික ගණිතයට අදාළ ඉතා සුළු හැදින්වීම් කිහිපයක් පමණක් නිසා නිරතුරුව ම ගැටලු විසඳීමෙන් ව්‍යවහාරික ගණිතය ගැටලු විසඳීම සඳහා ලැබිය යුතු හසල බුද්ධිය ලබා ගැනීමට සිසුන්ට අවස්ථාවක් නො ලැබේ. 12, 13 වසර දෑ අවුරුදු පාඨමාලාවක් තුළින් පාසල් පංතිවල දී මෙම විෂයය ඉගෙනීම විභාගවල දී උසස් ප්‍රතිඵල ලබා ගැනීමට ප්‍රමාණවත් නොවේ. විෂය භාර ගුරු භවතුන්ගේ මග පෙන්වීම යටතේ හැකි තරම් ගැටලු ගෙදර දී ම විසඳීමට සිසු දරුවන් උනන්දු කරවීමෙන් මෙම අඩුව සපුරා ගත හැකි වනු ඇත. ඊට මග පෙන්වනු වස් ස්වයං අධ්‍යනයෙන් ව්‍යවහාරික ගණිතය පිළිබඳ මූලික දැනුම ලබා ගත හැකි වන පරිදි මෙම පොත සකස් කොට ඇත. ව්‍යවහාරික ගණිතයේ ගති විද්‍යාව කොටස මෙහි අඩංගු වේ.
Reviews
There are no reviews yet.