Description
වත්මන් පාරිසරික ගැටලු අවබෝධ කර ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා ඒ හා බැඳුණු විද්‍යාත්මක, සමාජයීය සහ ආර්ථික සංකල්ප පිළිබඳ මනා අවබෝධයක් තිබීම වැදගත් වේ. මෙම පොතට පාදක වී ඇති උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ ‘පාරිසරික ජීව විද්‍යාව’ ඒකකය මගින් මෙම දැනුම ලබා දීමට උත්සහ දරා ඇත.
මෙහි දී පරිසර විද්‍යාත්මක මූලධර්ම, ජීවීන් හා පරිසරය අතර ඇති සම්බන්ධතා, පරිසර පද්ධතිවල විවිධ සංඝටක හා එම සංඝටකවල ක්‍රියාකාරීත්වය, ලෝකයේ ඇති විවිධ බියෝම, ශ්‍රි ලංකාවේ විවිධ පරිසර පද්ධති සහ ඒවා සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව, පරිසර සංරක්ෂණ ක්‍රම, පරිසර හායනය හා ඊට දායක වන සාධක පාලනය කිරීම, ගෝලීය පාරිසරික ගැටලු, ස්වාභාවික සම්පත් සහ ඒවායේ තිරසර භාවිතය, තිරසර සංවර්ධනය සහ ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද විශේෂ අවධානය යොමු කොට ඇත.