Description
උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ ජීවීන්ගේ විවිධත්වය ඒකකයට අදාළව මෙම පොත ලියැවී ඇත.
පෘථිවියේ වෙසෙන අති විශාල සංඛ්‍යාවක් වන ජීවීන්ගේ විවිධත්වය ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා තෝරාගත් වර්ග හා වංශ සමහරෙක පමණක් කෙටි විස්තර මෙහි අන්තර්ගත වේ. මිහිපිට පරිණාමය ලද ජීවී විශේෂ අතරින් හඳුනාගෙන නම් කොට ඇත්තේ ද කුඩා කොටසක් පමණි. එසේ වුව ද මිනිසා සහ ජෛව ගෝලයේ තිරසාර පැවැත්ම සඳහා ජෛව විවිධත්වයේ පැවැත්ම ද අත්‍යාවශ්‍ය වන බව මිනිසා විසින් අවබෝධ කරගෙන ඇත. හඳුනාගත් ජීවී විශේෂ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමටත් නව ජීවී විශේෂ හඳුනාගැනීමටත් අධ්‍යයනයේ පහසුව සඳහා ඔවුන් ක්‍රමානුකූලව වර්ගීකරණය කිරීමටත් විද්‍යාඥයෝ නිරන්තරව උත්සහ දරති. ජීව විද්‍යාවේ ප්‍රගතිය සමග ජීවීන් ගැන ඇති අවබෝධය පුළුල් වෙත් ම ඔවුන්ගේ වර්ගීකරණ ක්‍රම ද වෙනස් වේ. මෙම පොතෙහි භාවිත වන වර්ගීකරණ ක්‍රමය ද නූතන එකක් වුව ද එය දැනටමත් වෙනස් වෙමින් පවතින්නකි.
Reviews
There are no reviews yet.